ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්ෂ 1905 ජූලී මස 16 වන දින ස්වාධින දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර වසර 119 ක අභිමානවත් සංවත්සරය සැමරීමට සමගාමීව බන්ධනාගාර සේවයේ යෙදී සිටි‍යදී තම ජීවිතය රාජකාරිය වෙනු‍වෙන් පරිත්‍යාග කළ උදාර බන්ධනාගාර නිළධාරීන් 16 ‍දෙනෙකු අනුස්මරණය කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර පැවැත්වීමේ උත්සවය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති නිළධාරී අනුස්මරණ ස්මාරකය අසලදී 2024.07.16 වන දින සවස 04.00 ට අධිකරණ, බන්ධනාගාර කටයුතු, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය, නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ අධිකාරණ, බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය, නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී මියගිය නිළධාරීන් වෙනුවෙන් බන්ධනාගාර නිළධාරී අනුඛණ්ඩය විසින් උත්තමාචාරය පුදකළ අතර, ගරු අමාත්‍යතුමන්, රාජ්‍ය ඇමතිතුමන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුණ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා පවුලේ ඥ‍ාතීන් පුෂ්පෝපහාරය දැක්විය.

මෙම වි‍ශේෂ අවස්ථාවේ දී බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.ඒ.කේ.බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බි දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලේතැන්න මහතා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්. සුරංජි විජයවර්ධන මිය, බන්ධනාගාර කොමසාරිස් (මානව සම්පත්) ඩොනල්ඩ් මුරගේ මහතා, බන්ධනාගාර පුහුණු අධ්‍යක්ෂ සුජීව විජේසේකර මහතා, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මිය ගිය නිළධාරීන්ගේ ඥාතීන් රැසක් සහභාගී විය.