වීරවිල මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම හා පොත් පත් පරිශීලනය ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් නව පුස්තකාලයක් සහ උපදේශන මධ්‍යස්ථානයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.10 වන දින විවෘත කරන ලදී.

මෙම විශේෂ අවස්ථාවට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණි බී දිසානායක මහතා, වීරවිල එළිමහන් සිර කඳවුරේ බන්ධනාගාර අධිකාරී මහානාම මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.