බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම නිළධාරීන් හා නිළධාරිනීයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සැමටත්, බන්ධනාගාර ගතවී සිටින සියලූම නේවාසිකයින්ටත්, සියළු රටවැසියන්ටත් නිදුක් නිරෝගී සුවය පතා සෙත් පැතීම අරමුණු කර ගනිමින් සමස්ථ ලංකා බන්ධනාගාර නිළධාරීන්ගේ බෞද්ධ සංගමය මගින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් සජ්ඡායනය හා පසුදින සංඝයා වහන්සේලා උදෙසා සිදුකරනු ලබන දානමය පුණ්ය කටයුත්ත, කොළඹ බන්ධනාගාර ආයතන වල අනුශාසක ධුරන්ධර තිඹිරිගස්යාය සාසනාරක්ෂක බෞද්ධ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්රපති, කෘත්යාධිකාරී, දෙමටගොඩ මහා විශුද්ධාරාමාධිපති, අති පූජ්ය වැලිමඩ ශාන්ත නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහාසංඝරත්නයේ සහභාගීත්වයෙන් 2024.01.19 වන දින ප.ව.07.00 සිට පසුදා පහන්වන තුරු බන්ධනාගාර මූලස්ථාන ශ්රවණාගාරයේ දී පැවැත්විය.

එම අවස්ථාව සඳහා ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, ගරු රාජ්ය අමාත්ය අධි නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ප්රසාද් හේමන්ත මහතා , බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) යූ.බී.වලිසුන්දර මහතා, බන්ධනාගාර කොමසාරිස් ( මානව සම්පත් ) ප්රසාදී උබයසිරි මහත්මිය, අධ්යක්ෂ ( සැලසුම්) සුරංජි විජේවර්ධන මහත්මිය, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී එස්.කේ.එස් පල්ලේතැන්න මහතා ඇතුළු සියළු බන්ධනාගාර අධිකාරීතුමන්ලා හා බන්ධනාගාර නිළධාරීන් රැසක් මෙම පුණ්ය කටයුත්ත සඳහා සහභාගී විය.

මෙම පිරිත් පිංකම වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු බන්ධනාගාර ආයතනයන්හි නිළධාරීන් වෙත විශේෂ ස්තූතියක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් පුදකරන ලදී.