ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්ෂ 1905 ජූලී මස 16 වන දින ස්වාධින දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කර වසර 119 ක අභිමානවත් සංවත්සරය සැමරීම වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශිෂ්ඨ සේවාවක් කල උදාර බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් සේවා ඇගයිමේ උත්සවයක් අගුණකොලපැලැස්ස බන්ධනාගාර ශ්‍රවණාගාරයේදී 2024.07.17 වන දින පෙ.ව 10.00 ට අධිකරණ, බන්ධනාගාර කටයුතු, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එස්.හපුගස්වත්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එතුමන් වෙනුවෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී උත්තමාචාර නිළ පෙරෙට්ටුවක් පවත්වමින් ගෞරවය දක්වන ලද අතර, එම අවස්ථාවට හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරීන් සහභාගී විය.

ඒ අනුව, සමාරම්භක උත්සවය ආරම්භ කරමින් 119 වන අභිමානවත් බන්ධනාගාර දිනය සනිටුහන් කරමින්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ ලලිත සිර සර I හා II ප්‍රසංග සඳහා ගායනය, වාදනය හා නර්තන කුසලතාවයන්ගෙන් දායක වු නිලධාරීන් ‍හට සහතික පත්‍ර ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවෙල් මහතාගේ සුරතින් සිදු විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යෙදී සිටියදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දක්වා රාජ්‍ය සේවයටත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් ගෞරවාන්විත කීර්තියක් අත් කර දීම වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින්හට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් සහතික පත්‍ර හා සම්මාන ප්‍රදානය සිදු විය.

මෙහිදී පිළිවෙලින්, බන්ධනාගාර නියාමක කේ.ජී.ලොකුනාරංගොඩ මහතා (හොකී ක්‍රීඩාව – ජාතික හා ජාත්‍යන්තර), බන්ධනාගාර නියාමක එල්.ජී.එම්.ජනිත් ප්‍රභාෂ්වර මහතා (හොකී ක්‍රීඩාව – ජාතික හා ජාත්‍යන්තර), බන්ධනාගාර නියාමක ජි.වී.ටී.එස්.විතානගේ මහතා (බේස්බොල් ක්‍රීඩාව – ජාත්‍යන්තර), බනධනාගාර නියාමක එස්.සිවපාලන් මහතා (මල්ලවපොර ක්‍රීඩාව – ජාතික මට්ටමින්), බන්ධනාගාර නියාමක එන්.ඊ.විමුක්ති ලක්ෂාර මහතා (කායවර්ධන ක්‍රීඩාව – ජාතික මට්ටමින්), බන්ධනාගාර සැරයන් එම්.ඒ.ප්‍රියදර්ශණී මන්ත්‍රීරත්න මහත්මිය (මලල ක්‍රීඩාව – ජාත්‍යන්තර මට්ටමින්) හා බන්ධනාගාර I පෙළ ජේලර් කේ.පී.ඩබ්.දිස්නා විජේකාන්ති (මලල ක්‍රීඩාව – ජාත්‍යන්තර මට්ටමින්) සම්මාන ලබා ගන්නා ලදී.

පිලිපිනයේ පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් මව්බිම රනින් සරසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ගෞරවාන්වත කීර්තියක් ලබා දුන් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිණී අකිලා තරුනායගී මහත්මිය විශේෂයෙන් සම්මානයට පාත්‍ර විය.

බන්ධනාගාර දෙපාරතමේන්තු‍වේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ වු කාර්යභාරයක් සිදු කල නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා විසින්, පිලිවෙලින් බන්ධනාගාර සැරයන් කේ.වී.හෙට්ටිගොඩ මහතා, බන්ධනාගාර සැරයන් කේ.කේ.ජානක මහතා, බන්ධනාගාර II ඒ.ටී.දුලාජ් මධුසංඛ මහතා, II පෙළ පුනරුත්ථාපන නිලධාරිණී එස්.ඒ.එස්.සුරංගී තිලකරත්න මහත්මිය, සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) ජයන්ත අදාසූරීය මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා, පුහුණු අධ්‍යක්ෂ / බන්ධනාගාර අධිකාරී එස්.එල්. විජේසේකර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කාංචනා මහතන්තිල මෙනවිය, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා සම්මාන හා සහතික ප්‍රධානය කරන ලදී.

බන්ධනාගාර දිනය නිමිත්තෙන් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය තුමා විසින් බන්ධනාගාර නිලධාරීන් 50දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් ලබාදීමට තීරණය කර තිබූ අතර, එහි අයදුම්පත්ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා විසින් ලේකම් තුමා වෙත ලබාදෙන ලදී.

මෙම උත්සව අවස්ථාව වර්ණවත් කරමින් බන්ධනාගාර නිලධාරී නර්ථන කණ්ඩායම විවිධ සංස්කෘතික අංගයන්ගෙන් පැමිණි සිටි සම්භාවනීය අමුත්තන් රසගැන්වු අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉදිරි අනාගතය වෙනුවෙන් හා අභිවෘදිය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එස්.හපුගස්වත්ත මැතිතුමා සුභපැතුම් එක් කරන ලදී.
මෙම වි‍ශේෂ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.ඒ.කේ.බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බි දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ප්‍රසාද් හේමන්ත මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලේතැන්න මහතා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්. සුරංජි විජයවර්ධන මිය, බන්ධනාගාර කොමසාරිස් (මානව සම්පත්) ඩොනල්ඩ් මුරගේ මහතා, බන්ධනාගාර පුහුණු අධ්‍යක්ෂ සුජීව විජේසේකර මහතා, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.