බන්ධනාගාර සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය විසින් සංවර්ධනය කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නව වෙබ් අඩවියක් එලි දැක්වීම 2020-09-24 වන බ්‍රහස්පතින්දා දින උදෑසන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිර කරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිර කරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, එම අමාත්‍යංශයේ ලේකම් ගිතාමණී කරුණාරත්න මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්/ බුද්ධි) ටී.අයි. උඩුවර මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තු සැලසුම් හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරින්ද සහභාගී විය.