වැලිකඩ බන්ධනාගාර අධිකාරි එම්.එෆ්. ලාහිර් මහතා සහ වැලිකඩ පුනරුත්ථාපන අංශය ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ සංවිධානයෙන්, ගරු  තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ‘වියත්මග’ සාමාජිකයින් විසින් වැලිකඩ බන්ධනාගාරය තුල තරුණ නේවාසිකයින් උදෙසා ‘සති පාසල’ නමින් දහම් වැඩසටහනක් 2020-09-18 වන දින පෙ.ව. 09.00 සිට පෙ.ව. 11.30 දක්වා වැලිකඩ බන්ධනාගාරයේ පන්සල් ශාලාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය යොදාගනිමින් පැවැත්විනි. මේ සඳහා දේශකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාර ස්වාමින් වහන්සේ සහභාගී වූ අතර ආරාධිත අමුත්තන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ) ටී.අයි. උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා, සිරකරු සුභසාධක සංගමයේ (වැලිකඩ උප කමිටු) සභාපතිනි සුනේත්රාවීරසිංහ මහත්මිය සහභාගී විය.