මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC – United Nations Office on Drugs and Crime) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරුන්, ජේෂ්ඨ බන්ධනාගාර අධිකරී වරුන්, අධිකාරී වරුන් සහ සහකාර අධිකාරී වරුන් සඳහා බන්ධනාගාර කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක් 2020-08-22 හා 23 යන දිනයන්හිදී කොල්ලුපිටිය මූවන්පික් හෝටලයේදී පැවැත්විණ. මෙහි සමාරම්භක උත්සවය සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනුරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන අමාත්‍යංශයේ ලේකම් ගිතාමණී කරුණාරත්න මහත්මිය, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෛබි මැතිතුමන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ UNODC වැඩසටහනේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කාර්යාලයේ ප්‍රධානි ට්‍රොඑල්ස් වෙස්ටර් මහතා සහභාගීවුණි.