මහර බන්ධනාගාර ටෙනිස් පිටිය වීවෘත කිරිමේ උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ඇතුළපිරිස උත්සවය අවසානයේ මහර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවක් සදහා සහභාගී විය.

 

මෙම නිරික්ෂණ සංචාරයේදී විශේෂයෙන් පසුගිය කොරෝනා වසංගත අවස්ථාවේදී මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ නායකත්වය මත මෙරට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙනුවෙන් ආරක්ෂීත ඇදුම් නිෂ්පාදනය කිරීම සදහා සිය දායකත්වය දැක්වු රැදවියන් සේවයේ යෙදෙන බන්ධනාගාර කර්මාන්ත අංශය ගරු ඇමතිතුමිගේ විශේෂ අවධානයට පාත්‍ර වු අතර රට වෙනුවෙන් එම රැදවියන් දැක්වු දායකත්වය එතුමියගේ විශේෂ ඇගයීමට ලක්විය.

 

මහර බන්ධනාගාර කර්මාන්ත අංශය තුල ක්‍රියාත්මක වෘත්තීය පුහුණු පාඨමාල සියල්ලම නිරික්ෂණය කල අමාත්‍යතුමිය මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිළධාරින්ගේ කැපවීම තමා විසින් අගය කරන බව නිරික්ෂණ සංචාරයෙන් පසුව පැමිණි සිටි මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කලේය. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනි කරුණාරත්න , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, මහර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි සුධීමා චාන්දනි ,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය , බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත මලීන් ලියනගේ , බන්ධනාගාර කොමසාරිස් සැපයුම් කේ.ඒ.එස්.කොඩිතුවක්කු , මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ , සහකාර අධිකාරි ජගත් දිසානායක, ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරුන් සහභාගී විය