බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ආරාධනයෙන් ගරු නීතිපති දප්පුල ලිවේරා මැතිඳුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නැරඹීමට පැමිණි අතර මෙහිදී නීතිපති තුමා විසින් බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල දැනට පවත්නා තත්වය සහ එහි ප්‍රතිඵල රටේ ජාතික ආරක්ෂාවට බලපාන අන්දම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් සඳහා දේශනයක් බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීණ. මෙම අවස්ථාව ගරු නීතිපතිවරයෙකු බන්ධනාගාර ආයතනයකට නැරඹීමට නිල වශයෙන් පැමිණි පළමු අවස්ථාව ලෙස සනිටුහන් වේ.