බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ප්‍රතිපත්ති රාමුව සෞභාග්‍යයේ ඉදිරි දැක්ම, තිරසාර සංවර්ධන ඉලක්ක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතාවයන්ට අනුකූල වනසේ “A Right Based Correctional System for a Safer Society” යන සංකල්පය ඔස්සේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්ම (2021-2025) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙමගින් වර්තමාන බන්ධනාගාර පද්ධතියේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු හා යාවත්කාලින වියයුතු සියලුම දෑ ආවරණය වන පරිදි හඳුනාගත් අරමුණු නවයක් ඔස්සේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට අපේක්ෂිතය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ පස් අවුරුදු සැලැස්ම (2021-2025) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය, සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, අධිකරණ ලේකම්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සහ ජාතික අයවැය සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පසුගියදා භාරදීමට කටයුතු කරන ලදී.