මහර බන්ධනාගාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ටෙනිස් ක්‍රීඩා පිටිය වීවෘත කිරිම සහ අධ්‍යාපනික දස්කම් දැක්වු නිළධාරින්ගේ දු දරුවන් ඇගයිම මෙන්ම විශ්‍රාම ලැබු මහර බන්ධනාගාර නිළධාරින් හට උපහාර පුද කිරිමේ උත්සවය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය , සමූපකාර සේවා , අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ පිලිබද ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා , බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනි කරුණාරත්න , ගම්පහ දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මැතිතුමා, මහර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි සුධීමා චාන්දනි මහත්මිය , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මැතිතුමා , බන්ධනාගාර කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙම උත්සවය අභිනව ගරු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය සහභාගී වු පළමු නිළ උත්සවයද විය.

 

මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව සහකාර අධිකාරි ජගත් දිසානායක , ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මහර බන්ධනාගාර ක්‍රීඩා හා සුභසාධක සංගමයේ මුල්‍ය අනුග්‍රහය මත මහර බන්ධනාගාර ක්‍රීඩා සංකිර්ණයේ ඉදි කරන ලද මෙම ටෙනිස් ක්‍රීඩා පිටිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු දෙවන ටෙනිස් පිටිය බවට පත්වන අතර බන්ධනාගාර නිළධාරින් අතර ටෙනිස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා මේ ක්‍රීඩා පිටිය ඉවහල් වනු ඇත.

 

එසේම පසුගිය වසර වලදී අධ්‍යාපනික දස්කම් දැක්වු මහර නිළධාරින්ගේ දු දරුවන් ඇගයිම හා විශ්‍රාම ලැබු බන්ධනාගාර නිළධාරින් හට උපහාර පිදිමේ උත්සවයද මීට සමගාමීව පවත්වන ලද අතර මීට අමතරව තෝරා ගත් නිර්ණායක කිහිපයක් ඔස්සේ දැනට සේවයේ යෙදී සිටින නිළධාරින් දිරි ගැන්වීම සදහාද ත්‍යාග හා සමරු තිළිණ ලබා දෙන ලදි. මෙම අවස්ථාවට සහභාගි වු ආරාධිත අමුත්තන් සදහා මහර රැදවියන් විසින් නිපදවු විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලද අතර මහර රැදවියෙකු විසින් නිර්මාණය කල ගරු අමාත්‍යතුමිය වෙත පිරිනමන ලද සිතුවම එතුමියගේ විශේෂ අවධානය දීනා ගැනීමටද සමත් විය.