ජේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “වෘත්තියේ සාරවත්භාවය” පිළිබඳ ප්‍රථම වැඩමුළුව 2020 ජුනි 18 වන බ්‍රහස්පතින්දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපල්දේණිය මහතා, ආරාධිත දේශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ දේශක ධම්මික කලපුගේ මහතා සමාරම්භක සැසිවාරයට සහභාගී වූහ. මෙම වැඩමුළුව සඳහා බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර මූලස්ථානයේ අංශ ප්‍රධානීන්, ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරුන්, බන්ධනාගාර අධිකාරීවරුන් සහ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් සහභාගී වූහ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ දේශනයක් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පවත්වන ලද අතර පසුව වෘත්තීය විශිෂ්ටත්වය පිළිබඳ දේශනයක් ධම්මික කලපුගේ මහතා විසින් පවත්වන ලදී.