බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට දෙවන පෙල ජේලර්, පුනරුත්තාපන නිලධාරි හා බන්ධනාගාර නියාමක යන නිලයන්ට අදාලව පුහුණුව ලබන නිලධාරින් 265 දෙනෙකු ඉලක්ක කරමින් පැවැත්වු බාලදක්ෂ ප්‍රවර්ධන එක්දින වැඩසටහනක් අගුණකොළපැලැස්ස බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදි 2026.09.06 වන දින පවත්වන ලදි.
මෙහිදි බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය හා විකාශනය, ශිල්පීය දැනුම, නායකත්ව පුහුණු ක්‍රියාකාරකම් හා ක්‍රීඩා සැසි මෙන්ම, න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යයනයද ලබාදෙන ලදි.
විශේෂයෙන් ක්‍රීඩා හා ක්‍රියාකාරකම් සදහා පාඨමාලා ලාභීන් ඉතා ක්‍රියාශීලිව සහභාගී වූ අතර රාත්‍රී ගිණි මැල සංදර්ශනය සදහා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එච්.එම්.පී හෙන්නායක මහතා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වන ලදි.
පුහුණු නිලධාරින් ඇතුළුව 300 පමණ පිරිසකගේ සහභාගිත්වය ලත් මෙම බාලදක්ෂ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් සහය ප්‍රධාන කොමසාරිස් (බාලදක්ෂ) කපිල ප්‍රියන්ත මහතා, සහය ප්‍රධාන කොමසාරිස් (සංවර්ධන) දේශාන් මිලින්ද මහතා, ඌව පළාත් කොමසාරිස් සම්පත් වීරසූරිය මහතා, විශේෂ කොමසාරිස් ගාමිණි බි. දිසානායක මහතා, මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකෝන් මහතා, මහනුවර සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) ඩිලාන් සෝමරත්න මහතා, ලී පදක්කම්ධාරි මානවක බාලදක්ෂ නායක සමීර කන්නංගර මහතා, ලී පදක්කම්ධාරි මානවක බාලදක්ෂ නායක ජගත් අබේසිංහ මහතා යන නිලධාරීන් සම්පත් දායකයින් ලෙස මේ සදහා සම්බන්ධ වන ලදි.
මෙම පුහුණු වැඩසටහන සදහා සියලු පහසුකම් සැපයීම සහකාර බන්ධනාගාර අධිකාරී/ අධ්‍යක්ෂ පුහුණු වසන්ත ප්‍රදීප් කුමාර මහතා ඇතුළු අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් සිදුකරන ලදි.


















