ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CA SL) හා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL), එක්ව 9 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල – 2024 (BARA Awards – 2024) 2026 පෙබරවාරි 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වන ලදී.
මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු නිශාන්ත ජයවීර මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු CA Sri Lanka හි සභාපති ටිෂාන් සුබසිංහ මහතා, උප සභාපති අනෝජි ද සිල්වා මහත්මිය සහ APFASL සභාපති වී. කනගසබාපති මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගිකා මහත්මිය යන සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.
මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන වාර්තාව – 2024 සඳහා මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු කාණ්ඩයේ රිදී සම්මානය හිමිවිය. මෙම අවස්ථාවට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්.ප්‍රසාද් හේමන්ත කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) කේ.මහතන්තිල මෙනවිය සහභාගී විය.
මෙම සම්මාන උළෙල සඳහා මෙම වසරේ 600 කට අධික රාජ්‍ය හා අනුබද්ධ ආයතන ප්‍රමාණයක් සහභාගී විය. තවද බන්ධනාගාර දෙපාර්තමේන්තු 2020 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව 2021 වසරේදී රාජ්‍ය දෙපාර්තමේන්තු රන් සම්මානය හිමි වීම හා අනුයාත වසර 03 තුලදීම ඇගයීමට පාත්රවීම සුවිශේෂී වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශය, සැලසුම් අංශය හා අනෙකුත් අංශ ද සියලුම බන්ධනාගාර ආයතනද, කණ්ඩායමක් ලෙස ලබා දුන් දායකත්වයේ ප්රථිඵලයක් ලෙස මෙලෙස ඇගයිමට පාත්රවිය




