රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාර ආයතනයෙහි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.19 වන දින පවත්වන ලදි.
මෙම අවස්ථාවන් සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා,බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන) සේනක පල්ලෙතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන් මහතා හා ලී පදක්කම් ලාභී නායකයින් මෙන්ම බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.


















