මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබූ ලෝක මුඛ දිනයට සමගාමීව මෙරට ස්ථාපිත බන්ධනාගාරවල සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවූවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.04.02 වන දින ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ දී ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග බන්ධනාගාර දෙපාර්තමෙන්තුව එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන 2026.04.02 හා 2026.04.03 යන දෙදින පුරා පැවැත්වෙන අතර, මීට සමගාමීව අනෙකුත් බන්ධනාගාර ආයතනයන්හි දීප ව්‍යාප්තව ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.
වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මනා අයුරින් පවත්වා ගෙන යාම මෙන්ම මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුළ රඳවා සිටින රැඳවූවන් 38500කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය තත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යාම අරමුුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම සමාරම්භක උත්සව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ නිළධාරීන් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන් රැසක් සහභාගී විය.







