අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට ප්රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ………
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්රසාද් හේමන්ත කුමාර මහතා පත්කරනු ලැබීය. එම පත්වීමේ ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්රයේදී ඒ මහතා වෙත පිරිනමමින්, ඔහුගේ රාජකාරි ජීවිතය සදහා සුභාශිංසන ද එක් කරන ලදි.
2013 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ප්රසාද් හේමන්ත කුමාර මහතා බන්ධනාගාර අධිකාරී,විශේෂ ශ්රේණියේ බන්ධනාගාර අධිකාරීවරයකු හා ජ්යෙෂ්ඨ බන්ධනගාර අධිකාරීවරයෙකු වශයෙන් උසස් වීම් ලැබූ අතර ත්රිකුණාමලය, වාරියපොල, බෝගම්බර, කෑගල්ල, නව මැගසින්, මහර යන බන්ධනාගාර ආයතන තුළ රාජකාරි කටයුතු සිදු කර ඇත. තවද 2023 වර්ෂයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්යස්ථානයේ අධ්යක්ෂක වශයෙන්ද රාජකාරි සිදුකර, 2024 වර්ෂයේදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීම් ලැබූ අතර සැපයුම් හා සේවා අංශයේ රාජකාරි සිදුකොට පසුව මේ දක්වා මෙහෙයුම් හා බුද්ධි අංශය භාරව රාජකාරි සිදුකරන ලදී.
ඉබ්බාගමුව මධ්ය මහා විද්යාලයේ ආදී සිසුවකු වන ඒ මහතා, ව්යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය, මානව සම්පත් කළමනාකරණ විද්යාවේදී (විශේෂ) උපාධිය, මානව සම්පත් කළමනාකරණය පිළිබද ජාතික ඩිප්ලෝමාව මෙන්ම බැංකු හා මූල්ය කළමනාකරණ පිළිබද සහතික පත්ර ලාබියෙක්ද වේ. බන්ධනාගාර පරිපාලනය පිළිබද දේශීය හා විදේශිය පුහුණු වැඩසටහන් හා සමුළු ගනනාවක් සදහා ද ඒ මහතා ශ්රී ලංකාව නියෝජනය කර ඇත.
තවද ඒ මහතාගේ වෘත්තීය කාළ සීමාව තුළ බන්ධනාගාර නිළධාරීන්ගේ හා රැදවුවන්ගේ සුභසාධනය සදහා සුවිශේෂී කාර්යභාර්යන් රැසක් සිදුකොට ඇත.
මෙම විශේෂ අවස්ථාව සදහා බන්ධනාගාර මූලස්ථාන මාණ්ඩලික නිළධාරී මහත්ම/ මහත්මීන් රැසක් ද සහභාගී වූහ
