අගුණකොලපැලැස්ස බන්ධනාගාර පරීශ්‍රයේ දී ඉදිකරන ලද නව ටෙනිස් ක්‍රීඩා පිටිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.11.30 වන දින විවෘත කරමින් මෙවර 2024 අන්තර් බන්ධනාගාර ටෙනිස් තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

ඒ අනුව මෙවර අන්තර් බන්ධනාගාර ටෙනිස් තරඟාවලිය දිවා රාත්‍රි තරඟාවලියක් ලෙස පැවැත් වු අතර, එහි සංවිධාන කටයුතු අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

මෙම තරඟාවලිය සඳහා බන්ධනාගාර ආයතන 15 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 115 ක් පමණ සහභාගී වු අතර, වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවති තරඟාවලියේ සමස්ථ ශුරතාවය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා කණ්ඩායම විසින් ද, අනුශුරතාවය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර කණ්ඩායම ද, තෙවන ස්ථානය කුරුවිට බන්ධනාගාර කණ්ඩායම විසින් ද දිනා ගත්හ.

එහිදී වයස අවුරුදු 40න් ඉහල පිරිමි ශූරතාවය තල්දෙන එළිමහන් සිරකදවුරේ I පෙළ ජේලර් ටී.ඩබ්.පි.සිරිවර්ධන මහතා, වයස අවුරුදු 40 ඉහල කාන්තා ශූරතාවය කුරුවිට බන්ධනාගාරයේ කාන්තා නියාමක ඒ.බි.එස්.පුබුදුනී අමරසිංහ මහත්මිය, වයස අවුරුදු 50න් ඉහල පිරිමි ශූරතාවය කුරුවිට සහකාර බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මාහානාම මහතා විසින් දිනාගන්නා ලදී.

තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තරගාවලිය පුරාවට දක්ෂතා දැක්වු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නියාමක ඩි.සි.ජේ.මෙන්ඩිස් මහතා දක්ෂතම ක්‍රීඩකයා වශයෙන්ද දක්ෂතම ක්‍රීඩිකාව කුරුවිට බන්ධනාගාරයේ කාන්තා නියාමක ඒ.බි.එස්.කුමුදුනී මහත්මිය ත්‍යාග හිමි කරගන්නා ලදී.

මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් සංචිතයේ විනිසුරුවන් සිව් දෙනෙකු සහයෝගය දැක්වු අතර, මෙම විශේෂ අවස්ථාව සඳහා මාතර, හම්බන්තොට කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධණාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලෙතැන්න මහතා, මහර බන්ධනාගාර අධිකාරී රජිව් සිල්වා මහතා, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී එස්.ආර් ගලප්පත්ති මහතා, බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ටෙනිස් සභාපති, සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා, ටෙනිස් පුහුණුකරු ඉන්ද්‍රකුමාර් ගණනාදන් මහතා හා ආරාධිත අමුත්තන් රාශියක් ඇතුළුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය. උත්සවය වර්ණවත් කරමින් හුංගම විජයබා ජාතික පාසලේ සිසුවියන්ගේ නර්තන අංගයක් ඉදිරිපත් කර උත්සව කටයුතු නිමා කරන ලදී.