අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ බන්ධනාගාර ආයතන තුල පවතින තත්වය සොයා බැලීම සඳහා 2025.03.27 වන කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදි බන්ධනාගාර ගත රැදවියන්ගේ පුනරුත්තාපන කටයුතු, සුභසාධන කටයුතු සිදුවන ආකාරයත්, බන්ධනාගාර ආයතනයන් තුළ නීතිමය හා ප්රතිපත්තිමය ගැටලු මත පවතින රැඳවියන්ගේ නේවාසිකාගාර තදබදයත්, නේවාසිකයන්ට ලබා දී ඇති පොදු පහසුකම් හා බන්ධනාගාර නිලධාරීන්ට රාජකාරීමය අවස්ථාවන්හි මුහුණදීමට සිදුවන ගැටලු හා ජීවිත තර්ජන පිළිබදවත්, අමාත්යතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

මෙම විශේෂ අවස්ථාව සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යංශයේ අතිරේක ලේකම් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණි බී දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්තාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ. පල්ලෙතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා, මැගසින් බන්ධනාගාර අධිකාරී එච්.එම්.එස්.එන්.උපුල්දෙණිය මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගී විය.