ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කල ජාතික බාලදක්ෂ සම්මාන උලෙළ – 2024 අග්රාමාත්ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් 2024.12.07 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විය.
මෙහිදී, ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වසර 05කට වඩා සේවය කල පිරිස් කාණ්ඩ කිහිපයක් යටතේ ඇගයිමට ලක්කරන ලදී.
ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ බාලදක්ෂ කටයුතු නගාසිටුවීම හා සිදු කල සේවාව වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුලේදෙණිය මහතා ගරු අග්රාමාත්යතුමියගේ සුරතින් සම්මානයට පාත්රවිය.
තවද, මෙම සම්මාන උලලේදී බාලදක්ෂ කටයුතු වලට සිදු කල සේවාව අගයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු (04කට) සම්මනයට පාත්රවු අතර, එහිදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ II පෙළ ජේලර් දිලුම් දුමින්ද මහතා, දුම්බර බන්ධනාගාරයේ නියාමක පි.ආර්.ඩි.එල්.සෝමරත්න මහතා, යාපනය බන්ධනාගාරයේ නියාමක එන්.තේවරූබන් මහතා හා වැලිකඩ බන්ධනාගාරයේ නියාමක දර්ශන විජේසිංහ මහතා සම්මාන ලබාගත්හ.
මෙම විශේෂ අවස්ථාව සදහා ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ ජේ.ප්රනාන්දු මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා මහතා හා බාලදක්ෂ සංගමයේ උන්නතිය උදේසා කැපවු වැඩිහිටි නායකයින් හා බලදක්ෂ සම්මාන ලාභීන් ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.