බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගන්නා ලද ආධුනික නිළධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිරයාමේ උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්රධානත්වයෙන් 2025.05.11 වන දින පෙරවරු 10.00ට පමණ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්රීඩාංගනයේ දී පැවැත්විය.
මෙහිදී ආධුනික බන්ධනාගාර නියාමක පිරිමි නිළධාරීන් 111 ක් හා ආධුනික බන්ධනාගාර කාන්තා නියාමක නිළධාරීන් 34 ක් සමග සියල්ල 145ක් විසිර ගිය අතර, පුහුණු පාඨමාලාව හැදෑරීමේදී දක්ෂතා දැක්වු නිළධාරී, නිළධාරීනියන්ට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ සුරතින් සම්මාන ප්රධානය සිදු විය.
ඒ අනුව දක්ෂතම ක්රීඩකයා ආධුනික බන්ධනාගාර නියාමක ජේ.පී.පී.දිල්ශාන්, දක්ෂතම ක්රීඩිකාව ආධුනික බන්ධනාගාර කාන්තා නියාමක එම්.කේ.පී.පී.ගම්යමානි, දක්ෂතම පන්තියේ ශිෂ්යා ආර්.ඩී.ඒ.කේ.එස්.අමරරත්න, දක්ෂතම වෙඩි තබන්නා බී.ඩබ්.එම්.ටී.අනුරාධ, දක්ෂතම වෙඩි තබන්නිය යූ.එම්.විජේසිංහ, දක්ෂතම ඝණ සරඹ නිළධාරියා ඩී.එම්.කේ.හංසමාල්, දක්ෂතම ඝණ සරඹ නිළධාරිනිය ආර්.ආර්.එච්.සෝමතිලක, සෑම අතින්ම අතිශූර නිළධාරියා ඊ.එල්.ජී.එදිරිසිංහ, සෑම අතින්ම අතිශූර නිළධාරිනිය ලෙස ආර්.ඩී.ඒ.කේ.එස්.අමරරත්න යන නිළධාරීන් සම්මානයට පාත්රවිය.
මෙම අවස්ථාව වර්ණවත් කරමින් ආධුනික බන්ධනාගාර නියාමක නිළධාරීනගේ සංස්කෘතික අංග කිහිපයකින් හා බන්ධනාගාර තූර්යාවාදක කණ්ඩායමේ අංගයන් කිහිපයක් ඉදිරිපත් කරන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා, බන්ධනාගාර කොමසාරිස් (පාලන) බී.එම්.යූ.ජී.ඒ.කේ.බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මානව සම්පත්) එම්.ඩී.ඩී.පී.කේ. මුරගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ප්රසාද් හේමන්ත මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස් . කේ. පල්ලෙතැන්න මහතා, අධ්යක්ෂ පුහුණු එස්.එල්.විජේසේකර මහතා, නියෝජ්ය අධ්යක්ෂ (ක්රමසම්පාදන) කේ.මහතන්තිල මෙනවිය, බන්ධනාගාර නීති නිලධාරිණී එච්. එන්. එම්. ප්රනාන්දු මිය, අගුණකොළපැලැසස් ප්රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අ‌බේකෝන් මහතා ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරීන් හා ආධුනික නියාමක නිළධාරීන්ගේ ඥාතින් ද සහභාගී විය.