පල්ලේකැලේ එළිමහන් සිරකදවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී සුමුදු පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කල 2025 අන්තර් බන්ධනාගාර බැට්මින්ටන් තරගාවලියේ සමාරම්භක උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්රධානත්වයෙන් 2025.01.25 දින දිගන මහවැලි ගෘහස්ත ක්රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
මෙවර තරගාවලිය සදහා බන්ධනාගාර ආයතන නියෝජනය කරමින් ක්රීඩක , ක්රීඩිකාවන් 300 ආසන්න පිරිසක් සහභාගී වු අතර, එහිදී විවෘත කාන්තා තරගාවලියේ ශූරතාවය කෑගල්ල බන්ධනාගාරයේ ටී.ජී.සි.ජයවර්ධන මහත්මිය හිමිකරගත අතර, අවුරුදු 40 ඉහල කේවල පිරිමි තරගාවලියේ ශූරතාවය කුරුවිට බන්ධනාගාරයේ මොහාන් ධනසේකර මහතාද, වයස අවුරුදු 50 වැඩි පිරිමි තරගාවලියේ ශූරතාවය බන්ධනාගාර මූලස්ථාන එල්.ඩබ්.පි.කලන චම්න්ද දයානන්ද මහතා හිමිකරගන්නා ලදී.
විශේෂ අවධානයක් දිනගත් තරගයක් වු කණ්ඩායම් විවෘත තරගාවලියේ අවසන් තරගය සදහා කුරුවිට බන්ධනාගාර කණ්ඩායම හා බන්ධනාගාර මූලස්ථාන කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, තියුණු තරගයකින් අනතුරුව බන්ධනාගාර මූලස්ථාන කණ්ඩායම ශූරතාවය හිමිකරගන්නා ලදී.
මෙම තරගවලියේ ත්යාග ප්රධානොත්සවය සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ ක්රීඩා සංගමයේ ගරු ලේකම්, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා ප්රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට 11 වන පාබල සේනාන්කයේ සේනාධිපති මේජර් ජනරාල් උපුල් කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලේතැන්න මහතා, බෝගම්බර (දුම්බර) බන්ධනාගාර අධිකාරී ඒ.සී.ගජනායක මහතා, බන්ධනාගාර නිළධාරීන්ගේ ක්රීඩා සංගමයේ බැට්මින්ටන් ගරු සභාපති, සහකාර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා, ඇතුළු ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.