ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර දෙවන පෙළ ජේලර්වරුන් සහ පුනරුත්ථාපන නිලධාරීන් වෙනුවෙන් පැවත් වූ මානවක බාලදක්ෂ නායක පළමු අදියර පාඨමාලාව 2026.05.12 සහ 13 දෙදින පුරා මීරිගම ලී දසනායක පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරුන් හා පුනරුත්ථාපන නිලධාරීන් 45 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා එක්ව සිටි අතර, එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) සේනක පල්ලේතැන්න මහතා සහභාගි විය.
මෙම විශේෂ අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර යන මහත්වරු මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සුභපැතුම් එක්කරන ලදි.
මෙහි පාඨමාලා නායකවරුන් ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, පුහුණු කිරීමේ නායක නිමල් ප්‍රනාන්දු මහතා යන අය කටයුතු කළ අතර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් සහ බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණී බී දිසානායක මහතා විසින් මෙම පාඨමාලාව සංවිධානය කර ලදී.
මෙම පාඨමාලාව සඳහා ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය නියෝජනය කරමින් පුහුණු කිරීමේ අධ්යක්ෂ, මූලස්ථාන කොමසාරිස් තිලක්මන් පද්මසිරි මහතා, විශේෂ කොමසාරිස් පුහුණු කිරීමේ නායක ප්‍රියදර්ශනී ජයකොඩි මහත්මිය, පුහුණු කිරීමේ නායක නිමල් ප්‍රනාන්දු මහතා, පුහුණු කිරීමේ නායක ඩිලාන් සෝමරත්න මහතා, මූලස්ථාන කොමසාරිස් සහය පුහුණු කිරීමේ නායක අනිල් විජේකොන් මහතා යන මහත්ම මහත්මීන් තම සම්පත් දායකත්වය දැක්වූ අතර,ක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතුවල නිරත ලී පදක්කම්ලාභී නායකයින් රැසක් මේ සදහා සහභාගී විය.
























