බන්ධනාගාර කොමසාරිස් තනතුරු දෙකක් හා බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ධුරය සදහා  ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 වන දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රයේදී පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී.

එහිදී, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (මෙහෙයුමි හා බුද්ධි/මාධ්‍ය ප්‍රකාශක) වශයෙන් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ඒ.සී.ගජනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (කර්මාන්ත හා නිපුණතා සංවර්ධන) ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එස්.එල්.විජේසේකර මහතා හා මූලස්ථාන අධිකාරී ලෙස ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී රජිව් සිල්වා මහතා යන නිළධාරීන් මෙලෙස උසස්වීම් ලබාගන්නා ලදී.

මෙම විශේෂ අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් එම උසස් වීම් ලබා ගන්නා ලද නිළධාරීන් සදහා රාජකාරී ජීවිතය සදහා සුභාශිංසන එක් කළ අතර, එම අවස්ථාව සදහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්(වැ.ආ) ප්‍රසාද් හේමන්ත මහතා ඇතුළු බන්ධනාගාර මූලස්ථාන මාණ්ඩලික නිළධාරී මහත්ම/ මහත්මීන් රැසක් සහභාගී විය.