ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු විය.
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියළුම බන්ධනාගාර ආයතනයන්හි සහභාගීත්වයෙන් වෙසක් පහන් කූඩු තරගාවලියක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ අතර, එම වෙසක් පහන් කූඩු අතුරින් ප්‍රථම ස්ථානය පොළොන්නරු බන්ධනාගාරයද, දෙවන ස්ථානය යාපනය බන්ධනාගාරය හා තෙවන ස්ථානය කෑගල්ල බන්ධනාගාරය හිමි කරගන්නා ලදී.
ඊට සමගාමීව, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහයෝගය සහිතව නව මැගසින් බන්ධනාගාරය විසින් සංවිධානය කරනු ලබූ මඤ්ඤොක්කා දන්සල 2026.05.31 වන දින හා බන්ධනාගාර මූලස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ බෙලිමල් දන්සල 2026.05.30 වන දින බන්ධනාගාර වෙසක් කලාපය නැරඹීමට පැමිණි මහජනතාවට ලබා දීමට කටයුතු කරනු ලැබීය.
මෙම සමාරම්භක උත්සවයන් සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා ප්‍රමුඛ සියළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන්, බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.





















