වීරවිල බන්ධනාගාර එලිමහන් වැඩ කඳවුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනේ කඳවුරු නිරීක්ෂණ චාරිකාව හා ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම 2021-04-07 වන දින වීරවිල බන්ධනාගර පරිශ්‍රයේදී සිදුවිය.

 

මෙහිදී ආයතනයේ වාට්ටු අංශයන් නිරීක්ෂණය, වැඩ බිම් පරීක්ෂාව, ක්‍රීඩා පිටිය නවීකරණය, වොලිබෝල් ක්‍රීඩාපිටිය ඉදිකිරීම හා අනෙකුත් භූමි අලංකරණ කටයුතු හා නිලධාරීන්ගේ නේවාසිකාගාර පහසුකම් ද පරීක්ෂණයට ලක්වූහ.

 

පුනරුත්ථාපනය වන රැඳවියන් සඳහා සියළු පහසුකම් වලින් සහිතව ඉදිවන වාට්ටු සඳහා වැඩි අවධානයක් යොමුකල අතර මූලික ක්‍රියාකාරකම්, පූර්ණ කාලීනව සිදුකරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරකම් සමඟ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් ඇතුලුව පුනරුත්ථාපය කිරීමට බලාපොරොත්තු වන රැඳවියන් හට රැකියා වෙළඳපොළට ගැලපෙන වෘත්තීය පුහුණුවක්ද ලබාදීමට මෙහිදී යෝජනා විය. මෙම නිරීක්ෂණ චාරිකාව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුනු අතර මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) සී. එන්. ලොකුහෙට්ටි මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ඉංජිනේරු) එච්.එම්.ජී.අයි.ඩී. බණ්ඩාර මහතා, බන්ධනාගර සහකාර පුනරුත්ථාපන අධිකාරි ජයන්ත අදාසූරිය මහතා, වීරවිල බන්ධනාගාරයේ අධිකාරි ආර්.එම්.එස්. මහනාම මහතා හා ප්‍රධාන ජේලර් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.