බන්ධනාගාරගත නේවාසිකයන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්වීමේ සිර සර ශිල්ප 2022 කර්මාන්ත ප්‍රදර්ශනය හා අලෙවියේ සමාරම්භක උත්සවය 2022.12.27 වන දින අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ අධිකරණ හා බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පෙ.ව. 09.30ට පැවැත්විය.

එහිදී, මෙම කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ප්‍රමුඛ සමස්ථ නිළධාරීන්හට ගරු අමාත්‍යතුමා විසින් ස්තුතිය හා ගෞරවය පුදකල අතර, ඒමගින්  බන්ධනාගාරගත රැදවියන් ඒ තුළ ගත කරන කාලය ඇතුලත ඵලදායි යමක් රටට එකතු කරන්නට කටයුතු කිරීම පිළිබදව ද අමාත්‍යතුමාගේ ප්‍රශංසාවට ලක්විය. එමෙන්ම ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරන ලෙසද ගරු අමාත්‍යතුමා විසින් ආරාධනා කරන ලදී.

මෙම විශේෂ අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා, අධිකරණ, අමාත්‍යංශයේ ‍ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර ‍කොමසාරිස් (‍මෙහෙයුම් හා බුද්ධි) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.‍කොඩිතුවක්කු මහතා ඇතුලු දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගී විය.