බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගන්නා ලද ආධුනික නිළධාරීන් පුහුණු පාඨමාලාව අවසන් කර විසිරයාමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා හා බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.12.28 වන දින පෙරවරු 10.00ට පමණ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

මෙහිදී ආධුනික බන්ධනාගාර නියාමක නිළධාරීන් 172 ක් හා ආධුනික බන්ධනාගාර කාන්තා නියාමක නිළධාරීන් 19 ක් සමග සියල්ල 191ක් විසිර ගිය අතර, පුහුණු පාඨමාලාව හැදෑරීමේදී දක්ෂතා දැක්වු නිළධාරී, නිළධාරීනියන්ට අමාත්‍යතුමන්ගේ සුරතින් සම්මාන ප්‍රධානය සිදු විය.

ඒ අනුව පන්තියේ දක්ෂතම නිළධාරියා ආධුනික බන්ධනාගාර නියාමක ඩි.එම්.එල්.සඳරුවන් දිසානායක, දක්ෂතම වෙඩි තබන්නා එස්.ඩබ්.කේ.ජී.ද සිල්වා, දක්ෂතම මළල ක්‍රීඩකයා ඩී.ජී.වර්ණසූරිය, දක්ෂතම ඝණ සරඹ නිළධාරියා ඩී.එච්.ඒ.ගුණවර්ධන, දක්ෂතම ඝණ සරඹ නිළධාරිනිය ඩබ්.ඒ.පවර්ණා ශ්‍යාමිණි, සෑම අතින්ම අතිශූර නිළධාරියා ලෙස ඩී.ඒ.කල්පදීප් පෙරේරා යන නිළධාරීන් සම්මානයට පාත්‍රවිය.

මෙම විශේෂ අවස්ථාව සඳහා අමාත්‍යංශයේ ‍ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) මලීන් ලියනගේ මහතා, පුහුණු අධ්‍යක්ෂ ප්‍රසාද් හේමන්ත මහතා ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා ආධුනික නියාමක නිළධාරීන්ගේ ඥාතින් ද සහභාගී විය.