වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා නිලධාරීන් 14 දෙනෙකු පත්කර ඇති අතර ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට හා රජකාරී ඉටුකිරීම සම්බන්ධව උපදෙස් ලබාදීමේ විශේෂ වැඩසටහනක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2021.02.13 වෙනි දින බන්ධනාගාර මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම වැඩසටහනේදී මෙම නිලධාරීන්ගේ ආකල්ප වර්ධනය උදෙසා සංවිධානය කරන ලද ප්‍රවීන දේශක ඉන්දික ලියනහේවගේ මහතාගේ හරවත් දේශණයක් සඳහා සවන්දීමටද ඔවුන්ට අවස්ථාව උදාවිය.