අධිකරණ අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණය” 2021 අප්‍රේල් මස 01 වන දින පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වින.

අධිකරණ අමාත්‍යංශය හා ඊට අනුබන්ධ දෙපාර්තමේන්තු වල පවතින ගැටළු හා එම ගැටළු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් මෙම සම්බන්ත්‍රණය පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත ලෙස අධ්‍යාපන අමාත්‍ය ගරු ජී.එල්. පීරිස් මහතා සම්බන්ධ වූ අතර ගරු නීතිපති දප්පුලි ද ලිවේරා මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, බන්ධනාගාර කළමණාකරන හා පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපානු සංගමය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව (ICRC), JICA ආයතනය, UNODC ආයතනය, IOM සංවිධානය, USAID ආයතනය, UNHCR ආයතනය, KOICA ආයතනය, UNICEF ආයතනය, UNFPA ආයතනය, UNDP ආයතනය හා The Asian Foundation ආයතනය ඇතුලු ජාත්‍යන්තර ආයතන කිහිපයක නියෝජිතයින් හා තානාපතිවරුන් පිරිසක් ද සහභාගී වූහ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා විසින් බන්ධනාගාර තුල පවත්නා ගැටළු හා එම ගැටළු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැනුවත් කිරීමක් කරන ලද අතර අධිකරණ අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් දෙපාර්තමේන්තු වලද පවතින ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.