බන්ධනාගාර තුල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තා රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා මීගමුව දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කාන්තා රැඳවියන් නිරෝධායන සහ ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාත්‍යන්තර රතුකුරුස සමාජය සහයෝගය ලබා දෙමින් එම සමාජයේ වෛද්‍ය වරුන් ඇතුළු සාමාජික සාමාජිකාවන් විසින් 2020-11-10 වන දින දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය වෙත වෛද්‍ය සහ සනීපාරක්ෂක උපකරණ භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය අතපත්තු මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා මෙහෙයුම්) තුසිත උඩුවර මහතා, බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා ද , දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය තුමිය ඇතුළු වෛද්‍ය වරුන්ද, සහකාර බන්ධනාගාර අධිකාරි තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී විය.