රට තුල පවතින කොරෝනා වෛරසයේ අවධානම නොතකමින් තමන් වෙතට එන රෝගීන් සුවපත් කිරීම උදෙසා ඇප කැප වී කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය අගය කරමින් හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත බන්ධනාගාර රැදවියන් විසින් නිෂ්පාදනය කරන ලද තවත් ආරක්ෂිත ඇදුම් තොගයක් හලාවත, මාරවිල හා පුත්තලම මහ රෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා (2020-05-22) මහර බන්ධනාගාරයේදී සිදු කරන ලදි.

සිංගප්පූරු රාජ්‍යයේ පදිංචි පරිඝණක ඉංජිනේරු අමිල සිල්වා, අයර්ලන්තයේ පදිංචි නිපුන පෙරේරා, මොරටුව පරිඝණක ඉංජිනේරු පීඨයේ හේමක රවීන් ඇතුළු මිතුරන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කරන ලද https://slsecure.online වෙබ් අඩවිය හරහා ලැබුණු ඉල්ලීම් අනුව මහර බන්ධනාගාර අධිකාරිතුමන්ගේ පුර්ණ සංවිධායකත්වය යටතේ මහර බන්ධනාගරයේ වෘත්තීය පුහුණුව හදාරනු ලබන දීර්ඝ කාලීන සිර දඩුවම් විදින රැදවියන් දැඩි උනන්දුවකින් යුතුව මෙම ඇදුම් නිෂ්පාදනය සදහා සිය දායකත්වය ලබා දී ඇත. බොරැල්ල Spruce Clothing ආයතනයේ රංගා තාබෘෘ මෙන්ඩිස් මහත්මිය විසින් මැහුම් වෘත්තිය පුහුණුව හදාරන රැදවියන් හට අවශ්‍ය උපදේශකත්වය ලබා දෙනු ලබයි.

සිංගප්පූරුව, එංගලන්තය,ඇමරිකාව, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ ශ්‍රී ලංකාවේ පදිංචි ලාංකික මිතුරන් පිරිසක් විසින් ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රහය ලබාදි ඇති අතර මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා නියෝජනය කරමින් සහකාර බන්ධනාගාර අධිකාරි එච්.එම්.පි.හෙන්නායක මහතා විසින් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල ප්‍රියන්ත මහතා වෙත මෙම ආරක්ෂිත ඇදුම් තොගය භාර දෙන ලදි.