NDB බැංකුව සහ සිරස News 1 st එක්ව අඛන්ඩව දෙවන වරටත් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා වනිතාභිමාන 2021 අවසන මහ සම්මාණ උලෙල ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2022.03.08 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

‍‍මෙම වැඩ සටහනට සමගාමීව මාස 07 ක් පුරාවට දිවයිනම ආවරණය කරමින් පැවැත් වු වනිතාභිමාන තරඟාවලියේ ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රය 20 ක් නියෝජනය කරමින් ජයග්‍රහණය කල වනිතාවන්ට සම්මාන පිරිනැමීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය.

එම ක්‍ෂේත්‍රයන් අතරින් ක්‍රීඩා අංශයේ ජයග්‍රාහීකාව ලෙස ශ්‍රීයානි කුලවංශ මහත්මිය ‍‍‍‍තේරී පත් වු අතර, එම තේරීමේ විනිශ්චය මණ්ඩලයේ සාමාජීකයෙකු ‍ලෙස කටයුතු කිරී‍ම වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම‍යේ උපසභාපති) චන්දන ඒකනායක මහතා උපහාරයෙන් පිදුම් ලැබීය.