2022.03.08 වන දින  පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර කාන්තා දින උත්සවය සෞභාග්‍යා  ෆෙමිනා  2022  බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටල් පරිශ්‍ර‍යේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමිව මුළු දිවයිනේම විවිධ කේෂත්‍ර නියෝජනය කරමින් ඔවුන්ගේ රැකියාව මෙන්ම දැයට කරන ලද සේවය ඇගයීමට ලක් කරමින් වනිතාවන්ට සම්මාන පිරිනැමිම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. ශ්‍රී  ලංකාවේ ආර්ථිකයට දායක වන විවිධ කේෂත්‍රවල නියුතු කාන්තාවන් හදුනාගැනීම , ඔවුන් සවිබල ගැන්වීම, සදහා වන වැඩසටහනක්  ‍වු සෞභාග්‍යා ෆෙමිණා 2022 දිවයිනේ නන් දෙසින් සහභාගී වු දිරිය වනිතාවන් මෙහිදි ඇගයිමට පාත්‍ර විය .

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර් දේවිකා ශ්‍රී කාන්ති අළුපොත්තේගොඩ  මහත්මියට තම රාජකාරියත්, රාජකාරි‍යෙන් පරිභාහිරවත් සිදුකරන ලද සේවයට හා සමාජ සත්කාර දායකත්වය වෙනුවෙන් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්මානයෙන් පිදුම් ලැබිය.

මෙම සම්මාන ප්‍රධානය කිරීමේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් සහභාගී විය.