දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රැදවියන්ගේ අවශ්‍යතා සොයා බලා විසදුම් ලබාදීමේ වැඩසටහන යටතේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මැතිතුමා 2021.09.26 දින අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන්ගේ ගැටළු සොයා බැලිමේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ඒහිදී බන්ධනාගාර නිළධාරින් හා සිරකරුවන් සමග ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අමාත්‍යතුමා ඒ් සදහා අවශ්‍ය විසදුම් ලබා දෙන මෙන් නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා , රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මැතිතුමා, බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කිරිමේ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී විය.