බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නියාමක නිළධාරින්ගේ පැවැති පුරප්පාඩු පිරවීම සදහා නවක නිළධාරින් 788 දෙදෙනෙකු බදවා ගන්නා ලදී. එම නිළධාරින්ට  පත්වීම් ලිපි ප්‍රදානය කිරිම බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථානය කිරිමේ සහ මැණික් හා ස්වර්ණාභරණ පිළිබද රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021/09/07 වන දින බන්ධනාගාර මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී සිදු විය.

 

දිවයින තුළ උද්ගතවී ඇති කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සීමිත නවක නිලධාරින් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් සංකේතවත්ව පත්විම් ලිපි ලබා දී ප්‍රායෝගික පුහුණු පාඨමාලාව ආරම්භ කිරිම සිදු වු අතර, දිවයින පුරා පිහිටි බන්ධනාගාර ආයතනයන් වල පුහුණුවන ආධුනික නිළධාරින් Zoom තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී විය.

 

මෙම අවස්ථාවේ නවක නිළධාරින් අමතමින් ගරු අමාත්‍යතුමා සදහන් කලේ බන්ධනාගාර නිළධාරින් ඉතා වගකිවයුතු රැකියාවක් සිදු කරන අතර, රැකියාවේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරිම ඉතා වැදගත් වන බවයි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා , ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන රජය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සදහා ප්‍රමුඛත්වය දක්වා ඇති බවද සදහන් කරන ලදී.

 

මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්.උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර කොමසාරිස් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) කේ.ඒ්.එස්.කොඩිතුවක්කු මහතා, බන්ධනාගාර කොමසාරිස් (මුදල්) එම්.බී.එම්.පී.ඩබ්.එච්.රාජසිංහ මහතා, අධ්‍යක්ෂක (ඉංජිනේරු) ඩබ්.එම්.පී.බී.වීරසිංහ මහතා, අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) එන්.සුරංජි විජේවර්ධන මිය ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරින් රැසක්ද සහභාගී විය.