සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන් ගේ සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් සංවිධානය කරන “නිවැරදිව දැන ගමු” නිලධාරීන් සදහා වන ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩමුළු මාලාවේ පළමුවැනි වැඩසටහන කුරුවිට බන්ධනාගාරයේ නිලධාරීන් සියයකට ආසන්න ප්‍රමාණයක් වෙනුවෙන් 2023.03.11 වන දින සාර්ථකව පවත්වන ලදී.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ මගපෙන්වීම මත අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා විසින් මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

කුරුවිට සහකාර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම වැඩසටහනට සමගාමීව එම ආයතනයේ තනිකඩ නිල නිවාසයේ වෙසෙන නිලධාරීන් වෙනුවෙන් නියාමක සංගමයේ සහ එම ආයතනයේ ක්‍රීඩා සංගමයේ සම මූල්‍ය දායකත්වයෙන් වටිනා ගෘහ භාණ්ඩ කට්ටලයක් හා බලංගොඩ සිරමැදිරියේ නිලධාරීන් සඳහා අඟල් 32 රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභ සාධක සංගමයේ නිලධාරි මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.