බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරා වසරක පමණ කාලයක් මුදල් කොමසාරිස්වරියක වශයෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සමුදීම වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් 2023.02.28 වන දින එතුමියට සුභාෂිංසනය එක් කරන ලදී.

සංචාරක අමාත්‍යංශ‍යේ සිට ස්ථාන මාරුව මීට වසරකට පමණ පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව දෙපාර්තමේන්තුවේ අභිවෘදිය වෙනු‍වෙන් කැපවී ඉමහත් ‍‍‍සේවාවක් කරන ලද අතර, එම ‍‍සේවාව අගයමින් බන්ධනාගාර අධිකාරී අවන්හල තුළ සුහද හමුවක් පවත්වමින් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර ‍කොමසාරිස් (පුනරුත්ථාපන) මලීන් ලියනගේ මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්.සුරංජී විජයවර්ධන මහත්මිය, ඉංජී‍නේරු (සිවිල්) ජේ.එම්.එස්.යු.බී.ජයසේකර මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩි.එම්.පී. කරුණාරත්න මහතා, බන්ධනාගාර අධිකාරි බී.එම්.යු.ජී.කේ.බස්නායක මහතා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණි බී දිසානායක මහතා, බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා‍යේ සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා, ඇතුලු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගී වුහ.