බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ගෙනයාමේ අරමුණින් බන්ධනාගාර ක්‍රීඩා හා සුභසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබු 2023 ක්‍රීඩා සැණකෙලිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.03.18 දින ‍කොළඹ වෙස්ලි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

මෙම ක්‍රිඩා සැණකෙලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා‍ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහ අතිරේක බන්ධනාගාර ‍කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා‍ගේ පූර්ණ අධික්ෂණය මත පැවැත්විය.

ක්‍රීඩා සැණකෙලිය සඳහා දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන්හී නිළධාරීන් හා නිළධාරිනියන්ගේ නියෝජනය කරන ලදි. සහය දිවී‍මේ තරග, පා පන්දු, දැල්පන්දු, ක්‍රිකට්, අත්පන්දු තරඟ ඉසව්වන් පැවැති අතර, තරගාවලියේ සමස්ථ ශූරතාවය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා කණ්ඩායම ජයග්‍රහණය ලද අතර, අනුශූරතාවය මහර බන්ධනාගාර කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදී.

බන්ධනාගාර සංස්කෘතික නර්ථන කණ්ඩායම විවිධ නර්ථන අංගයන් තුලින් මෙම ක්‍රීඩා සැණකෙලිය වර්ණවත් කරන ලදී.

තරගාවලියේ දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අමාත්‍යතුමන්ගේ සුරතින් ජය සංකේත ප්‍රධානයද සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා, ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අරාධිත අමුත්තන් රැසක් හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.