මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලය United Nations Office On Drugs and Crime (U.N.O.D.C) ආයතනය මගින් සංවිධානය කර පවත්වන ලද බන්ධනාගාර නිළධාරින් සදහා ගතික ආරක්ෂාව හා කළමනාකරණය පිළිබද පුහුණු වැඩමුළුවක් බන්ධනාගාර අධිකාරි, සහකාර බන්ධනාගාර අධිකාරි, ප්‍රධාන ජේලර් හා 1 පෙළ ජේලර් ඇතුලු නිළධාරින් තිස් දෙනෙකු සදහා 2021/03/25 හා 26 දෙදින ගාල්ල ජෙටිවින් ලයිට් හවුස් (Jetwing Light House) හෝටලයේ ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.

කළමනාකරුවෙකු ලෙස අභියෝග සදහා මුහුණ දෙන ක්‍රමවේද, ඵලදායි නායකත්වය, කළමනාකරුවෙකුගේ භූමිකාව හා ආදර්ශමත් චරිතයක් වීම, ගතික ආරක්ෂාව හා කළමානාකරණය, රැකියා ස්ථානය තුළදී ඵලදායි ලෙස සන්නිවෙිදනය කරන්නේ කෙසේද යන මාතෘකා යටතේ දැනුම ලබාදීම මෙහිදි සිදු විය.
මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වතතේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර, මේ සදහා අමාත්‍යංශයේ ගරු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතාද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්.උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා සහ UNODC ආයතනය නියෝජනය කරමින් කාර්යාල ප්‍රධානී හා වැඩසටහන් නිළධාරි ‍ට්‍රොඒල්ස් වෙස්ටර් (Troels Vester) මහතා, උප ප්‍රධාන (මෙහෙවර) නියෝජිත යුරෝපානු සංගමය තෝස්ටර්න් බාග්ප්‍රයිඩ් (Thorsten Bargfrede) යන අය සහභාගී වුහ.