බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාමාජිකත්වය දරන බන්ධනාගාර ‍දෙපාර්තමේන්තු අන්‍යෝන්‍ය අර්ථසාධක අරමුදල් සමූපකාර සමිතියේ 82 වන සංවත්සරයට සමගාමීව 2018/2019 වර්ෂයන් හි දී උසස් පෙළ හදාරමින් විශ්ව විද්‍යාල වරම් දිනාගත් අප දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය 2021.03.20 වන දින බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩප උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම කටයුත්තේ ප්‍රධාන සම්භාවනීය අමුත්තා ලෙස බන්ධනාගාර කළමනාකරණ සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් හා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී.ආර්. සිල්වා මැතිතුමා සහභාගී වූ අතර මෙම සංගමයේ ගරු සභාපති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මැතිතුමා ඇතුළු සියලුම කොමසාරිස්වරුන් හා උසස් නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී වූහ.

විශ්ව විද්‍යාල සුදුසුකම් ලබාගත් දූ දරුවන් 22 ක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වූ අතර ගරු ලේකම් තුමා විසින් අදහස් දක්වමින් ඔවුන් සැම වෙත ශුභාශිංසන පිරිනමන ලදී. එසේම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ මූලික මැදිහත්වීම මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු ගනණාවක් සිදුකරමින් පවතින බවද එතුමා විසින් තව දුරටත් ප්‍රකාශ කර සිටින ලදී.