බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වසර 37 ක කාලයක් විශිෂ්ඨ ‍සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තබා දෙපාර්තමේන්තුවෙන් නික්මයන බන්ධනාගාර කොමසාරිස් ජී.එම්.පී.ලියනගේ මහතාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා‍ගේ උපදෙස් පරිදි 2023.02.28 වන දින බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී උත්තමාචාර නිළපෙරෙට්ටුවක් පවත්වමින් ගෞරවය දක්වන ලදී.

‍II ‍පෙළ ජේලර්වරයෙකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ලියනගේ මහතා 2018.04.06 දින සිට කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීම් ලැබ දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනු‍වෙන් මෙතුමා බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම්, කර්මාන්ත, පුනරුත්ථාපන හා සැපයුම් හා සේවා වශයෙන් කටයුතු කරමින් දෙපාර්තමේන්තුවේ උන්නතිය ‍වෙනු‍වෙන් මහත් සේවාවක් ඉටු කර විශ්‍රාම දිවියට පා තබන ලදී. මොහුගේ විශිෂ්ඨ සේවාව අගයමින් බන්ධනාගාර අධිකාරී අවන්හල තුළ සුහද හමුවක් පැවැත්වු අතර, එහිදී සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) කේ.ඒ.එස්.කොඩිතුවක්කු මහතා, ‍කොමසාරිස් මුදල් ආර්.එම්.එන්.කේ.කේ.අබේරත්න මහත්මිය, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්.සුරංජී විජයවර්ධන මහත්මිය, ඉංජී‍නේරු (සිවිල්) ජේ.එම්.එස්.යු.බී.ජයසේකර මහතා, බන්ධනාගාර අධිකාරි බී.එම්.යු.ජී.කේ.බස්නායක මහතා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණි බී දිසානායක මහතා, බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා‍යේ සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා, ඇතුලු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගී වුහ.