බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වෙත ලද තොරතුරකට අනුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 2020-03-19 වන තහනම් ද්‍රව්‍ය රැගෙන එන මහා පරිමාණ ජාවාරමක් මෙම බලකාය විසින් අනාවරණය කර ගෙන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදී.

 

මෙම බලකායේ බන්ධනාගාර අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ජේලර්වරයෙකු ඇතුලු එම බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ කරන ලද සෝදිසියකට අනුව බන්ධනාගාරය තුලට දර රැගෙන එන ලොරියක් තුල දර කොටන් ඇතුළත සූක්ෂම ලෙස අසුරා රැගෙන විත් තිබූ ජංගම දුරකථන, දුම්කොළ සුරුට්ටු, දුරකථන බැටරි, දුරකථන ආරෝපණ ඇතුලු තවත් තහනම් ද්‍රව්‍ය සමග අදාල සැකකරුවන් අත්අංගුවටගෙන පොලිසියට භාර දී ඇත.

 

ඒ අනුව එම මෙහෙයුමට සම්බන්ධ වූ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 2021-03-30 දින බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ සේවා ඇගයීමට ලක්විය. මේ අවස්ථාව සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වී.ආර් ද සිල්වා මහතා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දේණිය මහතා, අතිරේඛ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.අයි. උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා සහභාගී විය.