දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43- B සැරයන් නිලධාරී කණ්ඩායමේ නිලධාරීන් 43 දෙනෙකු සඳහා තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ලදී. රැකියාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදෙමින්, ශාරීරික අභ්‍යාස හා ඝණ සරඹ අභ්‍යාස ඇතුලත්වූ මෙම පුහුණුව දින 14 ක කාලයක් පැවැත්වින.

දින 14 ක සාර්ථක පුහුණුවෙන් පසු නිලධාරීන් විසිරයෑම හා සහතිකපත් ප්‍රදානෝත්සවය 2021-04-01 වන දින අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා බන්ධනාගාර අධිකාරි (අධ්‍යක්ෂ පුහුණු) එම්. එෆ්. ලාහීර් මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි එස්.කේ. පල්ලේතැන්න මහතා හා පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ජේලර් එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ මහතා, ප්‍රධාන සරඹ උපදේශක අමිත් ගුණවර්ධන මහතා ඇතුළු පුහුණු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයද සහභාගී විය.