රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතන ගණනාවක් නියෝජනය කරමින් රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය පසුගිය දින පැවැත්වු අතර, ඒ සඳහා බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුව නියෝජනය කරමින් A-කාණ්ඩයේ , B-කාණ්ඩයේ හා C-කාණ්ඩය වශයෙන් කණ්ඩායම් තුනකින් රාජ්‍ය සේවා තරගාවලිය සඳහා නියෝජනය කල අතර, බන්ධනාගාර ‍ දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට A හා B කාණ්ඩයේ ශූරතාවය ලබා ගැනීමට හැකිවිය.

A – කාණ්ඩය නියෝජනය කරමින් බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් රැසක් පරාජය කරමින් පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සමග අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. නාවල A.C.L. ක්‍රීඩාංගනයේ අවසන් තරගය පැවැත් වු අතර, එහිදී බන්ධනාගාර කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 187 රැස් කර ගැනීමට හැකිවිය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පොලිස් දෙපාර්තමේන්තු කණ්ඩායම සියල්ල දැවී ලකුණු 167 රැස් කර ගත්හ. ඒ අනුව, රාජ්‍ය සේවා A-කාණ්ඩයේ ශූරතාවය එම්.ඒ.විමන්ද රාදිකගේ නායකත්වයෙන් යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම හිමි කරගන්නා ලදී.

තරගාවලිය පූරාම විශේෂ දක්ෂතා දක්වමින් පන්දු යැවීමෙන් හා තරගාවලියේ වීරයා වශයෙන් G.T.K.S.රුබේරූ ක්‍රීඩකයා ද, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් P.M.සල්ගාදු දක්ෂතා අතරට එක්විය.

බන්ධනාගාර ක්‍රිකට් කණ්ඩායම B – කාණ්ඩය නියෝජනය කරමින් ප්‍රබල විදුලිබල මණ්ඩලය කණ්ඩායම සමඟ මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩාංගනයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර, එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් විදුලිබල මණ්ඩල කණ්ඩායම පන්දුවාර 33.5 සියල්ල දැවී ලකුණු 149 රැස් කර ගත්හ. ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 44.1 වැයකරමින් කඩුලු 03 අතැතිව සමස්ථ ශූරතාවය එම්.ඒ.සී.අල්විස්ගේ නායකත්වයෙන් බන්ධනාගාර කණ්ඩායම හිමිකර ගැනීමට හැකිවිය.
ඒ අනුව අවසන් තරගයේ පන්දු වාර 09 යවා මුල් කඩුලු 06 ම දවා ගනිමින්, තරගාවලියේ වීරයා හා මුළු තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වශයෙන් අමිල අතුකෝර දක්ෂතා දැක්විය.
A- කාණ්ඩයේ ක්‍රිකට් කණ්ඩායම.

පළමු ‍පෙළ වමේ සිට,
1. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් ලේකම් , ජේලර් ප්‍රබුද්ද සිරිවර්ධන මහතා,
2. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික , මූලස්ථාන අධිකාරි ගාමිණි දිසානායක මහතා,
3. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ සභාපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා,
4. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ලේකම්, අතිරේක බන්ධනාගා‍ර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා,
5. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් සභාපති, බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා,
6. කාණ්ඩායම් නායක විමන්ද රාධික.

දෙවන පෙළ වමේ සිට,
1. විකුම් උදාර
2. සදීල් චතුරිංග
3. දමිදු ඉෂාර
4. ඉසුරු මධුෂංක
5. ගයාන් නිර්මාල් ( උප නායක)
6. කසුන් රුබේරු
7. නලින් ශ්‍රියංකර
තෙවන ‍පෙළ වමේ සිට,
1. මලිත් ද සිල්වා
2. චේතිය ප්‍රභාත්
3. දිල්ෂාන් චතුරංග
4. රෝෂාන් චින්තක
5. ප්‍රභාත් මංජුල
6. කෝසල ධනංජය
B – කාණ්ඩයේ ක්‍රිකට් කණ්ඩායම.

පළමු ‍පෙළ වමේ සිට,
1. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් ලේකම් , ජේලර් ප්‍රබුද්ද සිරිවර්ධන මහතා,
2. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික , මූලස්ථාන අධිකාරි ගාමිණි දිසානායක මහතා,
3. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ සභාපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා,
4. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ලේකම්, අතිරේක බන්ධනාගා‍ර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා,
5. බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් සභාපති, බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා,
6. කාණ්ඩායම් නායක එම්.ඒ.සී.අල්විස්.

දෙවන පෙළ වමේ සිට,
1. ජී.සී.මධුසංක
2. ඒ.තනූජන්
3. පී.ආර්.සිල්වා
4. ඩබ්.ජී.සී.ඩී.දෙල්පාගොඩ
5. එස්.සී.බී.කවිසේකර
6. ඒ.කේ.අතුකෝරාල
7. ඩබ්.එම්.සුරම්ය්‍ය
8. බී.කේ.ඩී.ටී.බටුවන්තුඩාව
තෙවන ‍පෙළ වමේ සිට,
1. ආර්.කේ.ඒ.ආර්.නිරෝෂන් රණවීර
2. කේ.එල්.එන්.එස් කුමාර
3. වයි.පී.ප්‍රියදර්ශන
4. එච්.එච්.ඒ.ද සිල්වා
5. ඒ.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර
6. ආර්.වී.එච්.එරන්ද