රාජ්‍ය සේවා සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරගාවලිය සදහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 68ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වූ අතර, අවසාන මහා තරගය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සහ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තු කණ්ඩායම සුදුසුකම් ලැබීය.

2023.01.12 වන දින අවසන් තරගය කොළඹ ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, තියුනු තරඟයකින් අනතුරුව I පෙල ජේලර් යු.ඒ.‍‍‍කේ.රූපසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම අනුශූරතාවය හිමි කරගන්නා ලදී. තරඟාවලියේ පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ ඩි.ඒ.ඩි.ජි.නිර්මාල් ක්‍රීඩකයා තරඟාවලියේ දක්ෂම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි කරගන්නා ලදී.

මෙලෙස දක්ෂතා දැක්වු බන්ධනාගාර දෙපාර්තමේන්තු සැහැල්ලූ පන්දු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට 2023.01..23 බන්ධනාගාර මූලස්ථානයට කැඳවා බන්ධනාගාර  කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින්  සුභාෂිංසන එක්කරන ලදී. එම අවස්ථාව සඳහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණි බී.දිසානායක මහතා, බන්ධනාගාර ක්‍රිකට් සංගමයේ සභාපති බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා, ක්‍රිකට් සංගමයේ ලේකම් II පෙළ ජේලර් ප්‍රබුද්ධ සිරිවර්ධන මහතා සහභාගී විය.