ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරන ලද 36 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2023.01.14 හා 15 දිනයන්‍හී දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.

මෙම ක්‍රීඩා උළෙල වයස් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩක ක්‍රීඩකයින් තරඟ වැදි අතර, අවුරුදු 35 – 39 (පිරිමි) වයස් කාණ්ඩයේ මීටර් 5000 ඇවිදී‍මේ ඉසව්ව (5000M – 5km Race Walking) නි‍යෝජනය කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කුරුවිට බන්ධනාගාර‍යේ සේවය කරන එස්.ආර්.ජේ.රූපසිංහ මහතා ලෝකඩ පදක්කම හිමි කරගැනීමට සමත් විය.

පාසල් අවදියේ සිටම මළල ක්‍රීඩාවල නිරත වී ජයග්‍රහණ රාශියක් ලබා ඇති මෙම ක්‍රීඩකයා 2022 වර්ෂයේ මධ්‍යම පලාත් ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙල වයස අවුරුදු 35-39 කාණ්ඩ‍යේ මීටර් 5000 ඉසව්වෙන් රන් පදක්කමද හිමිකරගෙන ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් හා ගෞරවයක් ලබා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා විසින් එම නිළධාරීයා හට සුභාෂිංසනය එක් කරන ලදී.