අතිගරු ජනාධිපතිතුමාගේ   සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් බවට පත් කිරිම අරමුණු කර ගෙන අධිකරණ අමාත්‍යංශය හා ඒ යට‍තේ පවතින ආයතන ගමනින් ගමට දොරින් දොරට අධිකරණාභිමානයක  උතුරු පළාත්  ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය  ජංගම සේවයේ  සමාරම්භක උත්සවය 2022.01.27 වන දින  කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉතා උත්කර්ශවත් අන්දමින් ආරමිභ කරන ලදී. එම වැඩසටහන 2022.01.28 වන දින දක්වා පැවති අතර 29,30 යන දිනවල  යාපනය  මධ්‍ය මහා විද්‍යාලයේ  මෙම වැඩසටහන පවත්වන ලදි.

ඒ අනුව අධිකරණ අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතන වලින් සිදු වන කාර්ය  භාර්ය පිළිබඳව උතුරු පළාතේ කිලිනොච්චිය  , යාපනය , මුලතිව් ,මන්නාරම , වව්නියාව යන දිස්ත්‍රික්ක වල ජනතාව දැනුවත් කිරීමත් සාමය සංහිදියාව  පිළිබඳ උතුරු පළාතේ ජනතාවට මනා අවබෝධයක් ලබා දීමත් මෙහි මුලික  අරමුණ විය. ‍‍මෙම ජංගම සේවයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවද සක්‍රීයව සහභාගී වු අතර, පහත සදහන් පහසුකම් ජනතාවට ලබා දීමට කටයුතු කර තිබුණි.

  • ඒ අනුව බන්ධනාගාර ගත සිර/සැකකරුවන්ගේ ඥාතින්ට පැනනගින ගැටළු වලට විසදුම් ලබා දීම.
  • පවතින කොවිඩ් 19 තත්වය හමුවේ රැඳවියන් බැලීමට නොහැකි වු උතුරු පලාතේ සිර/සැකකරුවන්ගේ ඥාතින් හට බන්ධනාගාර දෙපාර්තමේනන්තුව හදුන්වා දුන් e-visit තාක්ෂණය  ඔස්සේ ලංකාවේ  ඕනෑම  බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියෙකුට අමුත්තන් බැලීමේ පහසුකම එම අවස්ථාවේදීම  සලසා තිබුණි .
  • බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම.
  • උතුරු පළාතේ සිර/සැකකරුවන්ගේ නීති ගැටළු සදහා නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීම හා නීති උපදෙස් ලබා දීම .
  • බන්ධනාගාර නිලධාරීන්ගේ හා නිලධාරිනියනගේ ගැටළු  සදහා අවශ්‍ය විසදුම් ලබා දීම.
  • උතුරු පළාතේ විව්නියාව , මන්නාරම , යාපනය , මුලතිව් යන දිස්ත්‍රික්ක වල පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට හා විවිධ අපරාධවලට යොමු වීම වැලැක්වීමට පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

මීට සමගාමීව ගරු අධිකරණ අමාත්‍යතුමා 2022.01.30 වන දින පෙරවරුවේ යාපනය බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක යෙදුනි.

මෙම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යංශයේ ගරු අමාත්‍ය අලී සබ්රි මැතිතුමා, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මැතිතුමා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් සහභාගී විය.