දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43 වන සැරයන් නිලධාරී පුහුණුවේ දෙවන කණ්ඩායම වන 43-B කණ්ඩායමට එම තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව 2021-03-18 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පර්ශ්‍රයේදී ස්ථාපිත නව පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය මගින් ආරම්භ කරන ලදී.

මෙම පුහුණුව සඳහා නිලධාරීන් 43 දෙනෙකු සහභාගී වන අතර පුහුණු කාලය දින 14 ක් වේ. පාඨමාලාවේ ආරම්භක උත්සවය බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ‍මේ අවස්ථාව සඳහා පුහුණු මධ්‍යස්ථාන අධිකාරි (අධ්‍යක්ෂ පුහුණු) එම්. එෆ්. ලාහීර් මහතා, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි එස්.කේ. පල්ලේතැන්න මහතා පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ජේලර් එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ මහතා, ප්‍රධාන සරඹ උපදේශක අමිත් ගුණවර්ධන මහතා ඇතුලු පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන්ද සහභාගී විය.

සැරයන් නිලධාරීන්ගේ මෙම පාඨමාලාව ආරම්භ කරමින් ආරම්භක දේශණය බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලින් ලියනගේ මහතා විසින් පවත්වන ලදී.