ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ බන්ධනාගාර ආයතන නිරික්ෂණ චාරිකාවට සමගාමීව උතුරු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාව අරඹමින් ගරු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමන් 2021/03/17 වන දින යාපනය බන්ධනාගාර නිරික්ෂණ සංචාරයක නිරත විය.

එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්.උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, යාපනය සහකාර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ඇතුලු බන්ධනාගාර නිළධාරින් අමාත්‍යතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආයතන සංචාරයෙන් පසු ගරු රාජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින් යාපනය බන්ධනාගාරයේ පාලන කටයුතු කළමණාකරනය හොදින් සිදු කර ඇති බවත්, ඒ වෙනුවෙන් කටයුතු කර ඇති බන්ධනාගාර අධිකාරී, ප්‍රධාන ජේලර් ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්කරන ලදී.

පොදු ගැටලුවක් බවට පත්ව ඇති නිළධාරි හිගතාවයට කඩිනමින් විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, නිළධාරින්ගේ වැටුප් සහ දිමනා ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒ්මට කටයුතු සිදු කිරිම සදහා ගරු අධිකරණ අමාත්‍යතුමාත් සමග අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සදහන් කරන ලදී.

එමෙන්ම දීර්ඝ කාලීන රැඳවියන් නිදහස් කිරිමටද ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් , රැඳවියන්ට හා නිළධාරීන්ට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමේ නව සංකල්පය යටතේ රෝහල්, ක්‍රීඩා,පුහුණු, පුනරුත්ථාපන ක්‍රමවේදයන් ඇතුළත් නවීන පහසුකම් සහිත බන්ධනාගාර පද්ධතියන් ඉදිරි වර්ෂ 04 ඇතුළත ස්ථාපිත කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් ඩබ්.එල්.පි.ඩබ්.පෙරේරා මහතා හා යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනානායක මහතා ද සහභාගී වුහ.